(කේ.ඩී.දේවප්‍රිය සහ කේෂර ගුණතිලක)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය සදහා උතුරු නැගෙනහිර සිට පා ගමනින් එන බැතිමතුන් පිළිගැනීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර සහ මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලන්ග දෑල යන මහත්වරු ඔකඳ දේවාලය අසලට පැමිණ සිටියහ.
උතුරු නැගෙනහිර සිට බැතිමතුහු 5000 කට ආසන්න පිරිසක් යාල වන උද්‍යානය ඔස්සේ ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණෙමින් සිටිති.
ඔකද දේවාලය අසලින් යාල වනෝද්‍යානයට ඇතුළුවන බැතිමතුන් දින ගණනාවක් ගෙවා ඓතිහාසික කඳසුරින්දුන් පිහිට පතා පැමිණෙති.
මෙම වන්දනාකරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් වන ජලය ආහාර පාන ලබාදීමට පොලිසිය වනජීවි නිලධාරීන් මෙන්ම රජයේ නිලධාරීන්ද කටයුතු යොදා ඇත.