(ජේ.කේ.එල් චාමින්ද සහ දයා සිරිල් ධම්මික)
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ගිය බව කියන, හික්කඩුව නලාගස්දෙණියේ රෙදිපිළි වෙළඳසැලක සේවිකාවන් 12 දෙනෙකු අද (12) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙකී උපදේශකවරයා ඉකුත් 5 වැනි දින තම බිරිඳ සමග මෙම රෙදිපිළි වෙළඳසැලට පැමිණ ඇත. විනාඩි 30ක් පමණ එහි සිට පිටවගොස් ඇති අතර එම අවස්ථාවේ වෙළඳසැලේ සේවය කළ සේවිකාවන් 12 දෙනෙකු මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත්බැව් හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
උපදේශකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊයේ පස්වරුවේ රෙදිපිළි වෙළඳසැල වසා දැමීමට ද පියවරගෙන ඇති බව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා පවසයි.
මෙකී වෙළඳසැලේ සේවය කළ සේවිකාවන් 11 දෙනෙකු හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පදිංචිකරුවන් වන අතර එක් වෙළඳ සේවිකාවක ගිංතොට ප්‍රදේශයේ පදිංචිකාරියක බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය.

