කතානායකට විරෝධය පා කඩුවෙල විරෝධතාවයක්


කේ බුද්ධික කුමාරසිරි 
 
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්තනෝමතික කි‍්‍රයාවන් හේතුවෙන් මේ වන විට රට අරාජික තත්වයකට ඇඳ වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සියළු වගකිම කතානායක කරු ජයසූරිය මහතා විසින් බාර ගත යුතු බවත් පවසමින් කතානායකවරයාට විරෝධය පා අද (16) කඩුවෙල නව බස් නැවතුම්පල ඉදිරිපිටදී  විරෝධතාවයක් පැවැත්විණි.
 
ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩුවෙල මැතිවරණ කොට්ටාස නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු සහ එම පක්ෂවල පාක්ෂිකයින් විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
 
විරෝධතාකරුවන් පැවසූවේ වහාම කතානායකවරයාගේ අත්තනෝමතික කි‍්‍රයා නවත්වා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව අග්‍රාමාත්‍ය ප‍්‍රමුඛ රජයට කටයුතු කරගෙන යාමට හෝ මැතිවරණයක් පැවැත්වීමට වහාම කටයුතු කළ බවයි.