(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය.
මේ වාදය ඇති වූයේ මහනුවර ඉඩම් සිද්ධියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා කතා කරමින් සිටියදී කතානායකවරයා ඊට බාධා කළ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මොකක්ද කතානායකතුමා මේ. ඔබතුමා මම නැගිට්ටම ඇඹරෙනවා.
මට කතා කරන්න දෙන්නෙ නැහැ.
කතානායක:
ඔබතුමාගෙන් මට ඇඹරෙන්න දෙයක් නැහැ . ඔබතුමා කවුද කියන්න මම දන්නවා.පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු විදියට භාවිතා කරන්න එපා.
මේක විභාග කරන්න කමිටුවක් දානවා. කමිටුවේදී ඔබතුමා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
( කිරිඇල්ල දිගටම කතා කරයි)

