(සිතුම් චතුරංග)
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පැමිණි මෝටර් රථයක්ද ඡන්ද මධ්‍යස්ථානය අසල තිබියදී අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
ඡන්ද මධ්‍යස්ථානය අසල කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තියුණු ආයුධ සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා සූදානම්ව සිටියේද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බවත් සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් දෙදෙනා කිසියම් පක්ෂයක ක්‍රියාකාරීන් බවට සැකපලකරන බවත්ය.
සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර විමර්ශනවලින් අනතුරුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.