
අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ.
අද (10) උදෑසන මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි අටකට පසු කඩා වැටී ඇත.
ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.
ඉතියෝපියානු අගමැතිවරයා අබියි අහමඩ් ටුවිටර් පණිවිඩයකින් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල් වල සාමාජිකයන්ට ශෝකය පළ කළේය.
(ඒ.එෆ්.පී ඇසුරෙනි)
63226

