කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගත් ත්‍රීරෝද රථ රියදුරා සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ඇතැයි කඩවත පොලිසිය කියයි.

එම ත්‍රීරෝද රථයේ මත් ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පවසයි. 

ඡායාරූප - කවිතා සුබසිංහ