කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ


(අංජුල මහික වීරරත්න)

කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපතිතුමා දැන් ගම්වල චන්ඩි වගේ ස්ටේජ් වලට ඇවිත් චන්ඩි ටෝක් දාන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.

"ඒ චන්ඩි ටෝක් දාලා නම් හරියන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමාට වැඩිය ලොකු චණ්ඩියෙක්නෙ ගෝඨාභය.අන්තිමට මොකද වුනේ. කෙලව ගත්තනේ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් එයාට තවත් සීයට දහයක් ඡන්ද නැති වුණා.

මේ රටේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතක් තියෙනවා.මුලින්ම ජනාධිපතිතුමා සභා හදන විදිය ගැන ඒ ආඥා පනත කියවන්න ඕන.කටේ හයියෙන් චන්ඩි කතා වලින් පළාත් පාලන ආයතන වල සභා පිහිටුවන්න බෑ.

ජනාධිපතිතුමාට ලැබුණේ නීතියේ ආධිපත්‍ය, සිස්ටම් එක හදන්න ජනවරමක්.අද ඒ නීතියේ ආධිපත්‍යයට, ජන වරමට ජනාධිපතිතුමා පස්ස හරවලා තියෙන්නේ.ඒක ගැන කිසිම තැකීමක් නෑ යනුවෙන්ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන්  මහතා කීය.