
(නිමල කොඩිතුවක්කු)
කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත කරනු ලැබීය.
නව ද්වීත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ සිට මීගමුව දක්වා ධාවන කාලය විනාඩි 40කින් අඩු කිරිමට හැකියාව ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කටුනායක, මීගමුව ද්වීත්ව මාර්ගය ඉදිවීම තුළින් දුම්රිය සේවාවන් දෙගුණයක් දක්වා වැඩි කිරිමට හැකියාව ලැබෙන බවත් ඇය සඳහන් කළාය.
කටුනායක මීගමුව ද්වීත්ව මාර්ගයේ සියලු තාක්ෂණික උපදෙස්, ඉදිකිරිම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීම විශේෂත්වයකි.
මෙම මාර්ගයේ ධාවනය සඳහා නවීන පහසුකම් ඇති මැදිරි සහිත බලවේග කට්ටලයක් අද(16) සිට ආරම්භ කළ අතර එහි වායු සමීකරණ කල මැදිරියක්ද සම්බන්ධ කර ඇත.
ඉදිරියේදි මෙවැනි දුම්රිය සේවාවන් කිහිපයක් කළුතර - කොළඹ, වේයන්ගොඩ -- කොළඹ, අවිස්සාවේල්ල- - කොළඹ යන නගර අතර යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

