කටාන පාසලකට අනවසරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙකු රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටාන මාරිස්ටෙලා විදුහලට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

එම විදුහලේ විදුහල්පතිවරයා කටාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදෙස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගෙනඇත්තේ රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු වන අහමඩ් ඩැනිස් නැමැති මෙම විදෙස් මාධ්‍යවේදියකුය.

එම මාධ්‍යෙව්දියා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මාසයේ 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.