( ක.ග.කරුණාරත්න )
වැලිකන්ද,සෙවනපිටිය මධ්‍යම බෙහෙත් ශාලාවට මහ දවල් කඩා වැදී එහි රාජකාරියේ යෙදී සිටි ඖෂධ සංයෝජකවරියගේ මුහුණ සපාකා පහරදීමක් කල බව කියන සිවිල් ආරක්‍ෂක භටයෙකු සහ තවත් පුද්ගලයෙකු අද(21) අත් අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
සිවිල් ආරක්ෂක භටයා අරලගංවිල, රිදීපොකුණ සිවිල් ආරක්‍ෂක කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බවත් අනෙක් සැකකරුද රිදීපොකුණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් හෙළිවී ඇත.
මොවුන් දෙදෙනා ම 26 හවිරිදි වියේ පසුවන්නන් වන අතර පෙරේදා(20* දහවල් යතුරු පැදියෙකින් ගමන් කරමින් සිටියදී එය අනතුරට ලක්වී තුවාල ලබා ඊට ප‍්‍රතිකාර ගැනීම සඳහා මෙම මධ්‍යම බෙහෙත් ශාලාවට ගොස් තිබේ.ඒ අවස්ථාවේ ස්ථාන භාර වෛද්‍යවරයා බෙහෙත් ශාලාවේ නොසිටි බැවින් වෛද්‍යවරයා පැමිණ පරීක්‍ෂාකරන තෙක් රැුඳී සිටින ලෙස ඖෂධ සංයෝජකවරිය දැනුම්දී තිබේ.එවිට සිවිල් ආරක්ෂක භටයා සහ අනෙක් පුද්ගලයා තමන්ට ප‍්‍රතිකාර කරන ලෙසට බල කරමින් ඖෂධ සංයොජකවරයට බලකරමින් මුහණ සපාකා තමන්ට හිරිහැර කලබවට ඇය විසින් වැලිකන්ද පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව විමර්ශණ සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කලේය.
සැකකරුවන්ගේ සපාකෑමට සහ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටින ඖෂධ සංයෝජකවරිය ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.
සැකකාර සිවිල් ආරක්ෂක භටයා සහ අනෙක් සැකකරුද පොලිස් අත් අඩංගුව යටතේ පොලොන්නරුව මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරීහු පවැසූහ.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

