
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
ජාතික ආරක්ෂක කමිටුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
උදෑසන නැගිටින විට උණ තත්වයක් තිබූ බවද, හැකි ඉක්මණින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී එය තහවුරු කරගත් බවද ඔහු පැවසීය.
මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.
ඕස්ට්‍රේලියාවේ පුද්ගලයන් 156දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයන් තිදෙනෙකු මිය ගොසිනි.
(බීබීසී ඇසුරිනි)

