
(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් අතරමංකළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක රුපියල් ලක්ෂ -තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (21) නියෝග කළේය.
තම සේවාදායිකාව ඕමාන් රටේ ආයතනයක වසර 22ක් තිස්සේ භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළා මිස කිසිදු ශ්‍රී ලාංකික කාන්තාවක විදෙස් සේවය සදහා මෙරටින් රැගෙන ගොස් නොමැති අයකු බව සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කළේ ‘ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා’ නැමැති ඕමාන් රටේ විදේශ සේවා ආයතනයක භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ආශා දිසානායක නැමැත්තිය ය.

