ඔල්ලුක්කුලිය වැව බේරාගන්න හමුදා සහාය


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

බැම්ම පුපුරා කැඩියාමේ දරුණු අවදානමට ලක්ව තිබු කරුවලගස්වැව ඔල්ලුක්කුලිය වැව බේරා ගැනිමට යුද හමුදාව සමඟ ගම්වාසින් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් දින තුනක මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

කුඹුරු අක්කර 25 කට වැඩි ප්‍රමානයක් අස්වැදිමට ජලය සපයනු ලබන ඔල්ලුක්කුලිය වැව පවතින මහ වැසිත් සමඟ එහි බැම්ම පුපුරා කැඩි යාමේ අවදානමට ලක්ව තිබු බව පුත්තලම ආපදා ඒකකයෙ ප්‍රධානී වින්ඩ් කර්මාන්ඩර්  ඩබ්ලියු.එම්.ඩි.ටී. බංඩාර මහතා පවසයි.

වැව බේරා ගැනිම සදහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතාගේ උපදෙස් මත පුත්තලම 143 බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාන් විමලසේන මහතාගේ මෙහෙයෙ විමේන් 16 ගජබා රේජීමේන්තු අණ දෙන නිළධාරී මේජර් සුරේෂ් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් විමේන් එම රේජීමේන්තුවේ නිළධාරීන් හා සෙසු පිරිස වැව කැඩි යාමේ අනතුරීන් බේරා ගැනිමට වැලි කොට්ට ගැනිම කඩිනමින් සිදු කර තිබුණි.

ඒ සදහා ගම්වාසින්, ගොවින්,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කර්යාලය,ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්වි වැව ආරක්ෂා කර ගැනිමට දායකත්වය දැක්විම සිදුවිනි.

මෙම කටයුත්තට එක්වු යුද හමුදා සාමාජීකයින් හා ගම්වැසියන් හා ගොවින් වැලි කොට්ටා සකස් කරමින් වැවේ පුපුරා යාමේ අනතුරට ලක්වු ස්ථාන සැකසිමට කටයුතු කිරීම ආරම්භ කර තිබුණී.