(ඉන්දිකා රාමනායක)
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර්ජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත පැමිණිලි කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුදූව මහතා ඉල්ලා සිටී .
මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ( විශ්‍රාමික ) මහතා පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම , තර්ජනය කිරීම වරදක් වන හෙයින් එවැනි තර්ජනයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය විශේෂ අවධානය යොමුකර යොමු කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි .

