
(අතුල බණ්ඩාර)
පොසොන් පුර පසළොස්වක පොහොයදාට පෙහෙවස් සමාදන්වූ දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරීපවතින ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ වසන මහමෙව්නා උයන අද දින සැදැහැවතුන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්ව තිබුණි.
රටේ පැතිරෙන කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින් රජය පනවා තිබෙන සංචරණ සීමා නිසා මෙවර මේ තත්ත්වය ඇතිවී තිබුණත්,පොසොන් පොහොයදා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩවසන උඩමළුව විහාරස්ථානය හා රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානයේ වෙහෙර විහාරස්ථාන වල සිදුකෙරෙන ආගමික වතාවත් ඒ අයුරින්ම පැවැත්වීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි අටමස්ථානයේ විහාරාධිකාරී හිමිවරුන් පියවර ගෙන තිබුණි.
මේ සඳහා අවසරලත් සීමිත සැදැහැවතුන් පිරිසක් පමණක් සහභාගීවුහ.



