එළු හබේ මරණින් කෙළවර වෙයි


(ඉන්දිකා රාමනායක)

වාලච්චේන නාපතාවිල්  ප්‍රදේශයෙන් කුඹුරු ගොවිපොළක  බෝග වලට එළුවන්  හානි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන  ඇති  වූ   බහින්බස් වීමක් දුරදිග යාමෙන්  74 වැරදි වයෝවෘද්ධ   ගොවියෙක්  තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. 

මරණකරුට අයත් ගොවිපලට යාබදව  තවත් ගොවිපොළක්  පවත්වාගෙන යන බවත්, මරණකරුගේ එළුවන් එම ගොවිපොළ  කඩා වැදී බෝග වලට හානි කරන බවට  දෙපාර්ශවය අතර  කලක සිට ආරවුල් පවතින බව පොලීසිය කියයි.

ඊයේ (6) පස්වරුවේ  යාබද ගොවිපොළේ හිමිකරු වන   සැකකරු ඉහත ඉඩමේ හිමිකරු මෙම  සිද්ධිය මුල් කරගෙන  කුඹුරු  ඉඩමේ දී   බහින්බස් වී ඇති අතර.  එම බහින් බස් වීම දුරදිග සැකකරු  මරණකරු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව ද බවද පොලිසිය පවසයි.

පසුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. වාලච්චේන  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.