(අතුල බණ්ඩාර)
පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබේ.
එසේ සමාව හිමිවු සිරකරුවන් අතර එල්.ටි.ටී.ඊ සැකකරුවන් 16 දෙනකු ද ඇතුළත් වෙයි.
එම 16 දෙනා අතරින් අනුරාධපුර බන්ධනාගාරයේ 15 දෙනෙක් රඳවා සිටියේය. එක් අයෙක් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය. මෙම සිරකරුවන් අතරට වසර 15 වැඩි කාලයක් සිරගතව සිටි අයද ඇතුළත් වේ.
සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වූ තවත් 77 දෙනකුට ද ජනපති පොදු සමාව හිමිව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.





