(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ද අද (13) දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙණ පිරිවෙනේ දී ද එන්නත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
විද්‍යාලංකාර පිරිවෙනට අමතරව මෝදර රන්දිය උයන සහ මිහිජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී ඊයේ එන්නත්සි කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ඉහත ස්ථානවල එන්නත් ක්‍රියාවලිය සිදු කරන බවත් කොළඹ නගරය තුළ මෙතෙක් කිසිදු එනතක් ලබා නොගත් වයස අවුරුදු 30 වැඩි පිරිස් වෙතොත් එම ස්ථානවලට ගොස් එන්නත් ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
පොලිස් ප්‍රජා ප්‍රජා කොට්ඨාස සහ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ මෙම එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කරනු ලබයි .

