එතෙරදී එන්නත් දෙකම ගත්තොත් මෙතෙරදි නිරෝධායනයක් නෑ


(සුජිත් හේවාජුලිගේ )

විදේශයන්හි සිට කොරෝනා මර්දන එන්නත් දෙකම රැගෙන පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කින් තොරව පී සි ආර් පරීක්ෂණයක ප්‍රතිඵල මත මුදා හරින බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් විදේශයන්හි සිට පැමිණෙන සෙසු පිරිස් සාමාන්‍ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා කියයි.

මේ අතර කෝවිඩ් විදේශ සැර ප්‍රභේද මතු වීමක් සිදු වුවහොත් වෙනත් තීරණ වලට යෑමට අකමැත්තෙන් වුව සිදුවන බවත් එවැනි සැර ප්‍රභේද මතු වන්නේ දැයි සෞඛ්‍යය විශේෂඥයන් මේ දිනවල දැඩි අවධානයෙන් පසුවන බවත් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි .