එජාපය සහ 43 සේනානායක අතර ’’ඇයි හොඳයියක්’’


(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකයේ ගම්පහ දිසා සමුළුවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තමා සහභාගී වන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතිඥ ෂෙහාර හේරත් මහතා පැවසීය.

රටෙි දේශපාලනය හරි මගට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ 43 වන සේනාංකය අතර යම් අවබෝධයක් ඇති වී තිබෙන හෙයින් එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තමා එම සමුළුවට සහභාගී වන බව ද ෂෙහාර හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර "අඳුරු අනාගතය පහන් කරන්නට"යන්නෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ් පිටියේදී ඉකුත්  සිකුරාදා(25)පැවැත්වූ සත්‍යග්‍රහයට 43 වන සේනාංකය නියෝජනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන,නිශාන්ත වර්ණසිංහ සහ ධනුෂ්ක රාමනායක මහත්වරු සහභාගී වූහ.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා පැවසූයේ රාජපක්ෂ පාලනය එලවීමට සියලු විපක්ෂ බලවේග එක් කර පුළුල් සංධානයක් ගොඩ නැගීම 43 වැනි සේනාංකයේ අරමුණ බවයි.