
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි යු. සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම තිදෙනෙකු ගෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ වුට්ලර් මහතා පැවසීය
ඒ අතර මන්ත්‍රීවරියගේ සැමියා ද වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර මන්ත්‍රීවරියට පහර දුන් පුද්ගලයන් දෙදෙනකු සහ මන්ත්‍රීවරියට පහරදීමට පැමිණි පුද්ගලයාට පහර දුන් පුද්ගලයා ද ( මන්ත්‍රීවරියගේ සැමියා) වන බව පොලිසිය සඳහන් කරයි.
එම පහරදීමෙන් තුවාල ලද මන්ත්‍රීවරිය සහ පහරදීමට පැමිණි පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වුට්ලර් මහතා කීය.

