එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ ලංකාවට


(තිළිණි ද සිල්වා)
 

වදහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනු කමිටුවේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාවට අමතරව පලස්තීනය, ආර්ජන්ටිනාව හා බල්ගේරියාව ඇතුළු රටවල් කිහිපයක ද එම අනු කමිටුවේ නියෝජිතයින් සංචාරය කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වදහිංසා වැළැක්වීමේ ප‍්‍රඥප්තියට අත්සන් තැබූ රටවල සංචාරය කිරීමේ බලය මෙම අනුකමිටුවේ නියෝජිතයින්ට හිමිවන අතර, ඒ අනුව මෙම සංචාර සිදුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. 

මෙම සංචාරවලින් පසුව අදාළ නියෝජිතයින් සියළු දෙනා වදහිංසා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ද නිකුත් කරනු ඇත.