(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික කාන්තාවන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන් ලෙස සහ පිරිසිදු කිරීමේ සේවයේ ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගෘහ සේවිකාවන් සහ පිරිසිදු කිරීමේ සේවයේ නිතරව සිටින කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණය ගත් බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

