(ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මැයි මස 8වනසදුදා දින ආරම්භ කිරිමට නියමිතව තිබූ පළමු අවුරුද්දේ සරසවි සිසුන්ගේ භෞතික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
දැනට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මෙසේ මෙම සරසවි සිසුන්ගේ භෞතික අධ්‍යයන කටයුතු මේ මස 8වන සදුදා දින ආරම්භ නොකරන බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා එම සිසුන්ගේ භෞතික අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවද සදහන් කළේය .
කෙසේ වෙතත් මෙම සිසුන්ගේ මාර්ගගත ක්‍රමයට පැවත්වෙන ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරදි සිදු කරන බවත් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තෙවන වසරවල සිසුන්ගේ භෞතික අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරදි සිදු කැරෙන බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසීය .

