උසාවිය ඉදිරිපිට පිංකැටේ කැඩූ කතුන් 2ක් මාට්ටු


(රෝෂන් තුෂාර)

කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පූර්වාරාම බෝධිමළු විහාරයේ පින් කැටය කඩා මුදල් සොරා ගත්තේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සොරකම සිදුවී ඇත්තේ අද දහවල් 12.50ට පමණ  අතර එම අවස්ථාවේදීම අධිකරණය ඉදිරිපිට රථ වාහන රාජකාරියේ යෙදෙන කෙසෙල්ලත්ත පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරීය හලාවත ප්‍රදේශයේ බව පොලිසිය කියයි.

විහාරස්ථානයට ඇතුළු වී ඇති කාන්තාව පින් කැටය කඩා එහි තිබූ මුදල් වැනි පාර්සලයක් තවත් කාන්තාවකට ලබා දී ඇති බව ඇසින් දුටු සාක්ෂිකාරිය සඳහන් කරයි.