(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට උසස්පෙළ පන්ති සහිත පාසල් 2952 න් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසල් 1011 ක පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) හමුවේ පැවසීය.
ඒ අනුව පාසල් 1941 ක( සියයට 65.75) විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.
මෙය බරපතළ ප්‍රශ්නයක් හෙයින් ස්ටෙම් ( STEM) අධ්‍යාපන ක්‍රමය මගින් මේ සඳහා විසඳුම් සෙවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළෙදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.
පසුගිය 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවූ පිරිසෙන් සියයට 26 ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු අය බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය
නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බව ප්‍රකාශ කළේය.
නවීණ තොරතුරු තාක්ෂණික වැඩපිලිවෙලක් හඳුන්වා දී ප්‍රමාදයකින් තොරව විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල කෝප් කමිටුව මෙහිදී අගය කළේය.
මෙරට විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බව පැවසූ කෝප් කමිටුව විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්ව විද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.්

