
(අජිත්ලාල් ශාන්තඋදය)
උසස් පෙළ හදාරණ දූදරුවන්ට සිය පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා බහුල ක්‍ෂේත්‍ර වලින් තෝරා ගැනීමට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීමේ ක්‍ෂෙත්‍ර චාරිකා පැවැත්වීමට මිනිස්බල හා රැකී රක්‍ෂා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කුරුවිට අධ්‍යාපන කලාපයේ පරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයේ දරු දැරියන් හැටපස් දෙනෙකුට එහි පළමු අවස්ථාව උදාවිය.
වැඩලෝකයට නිපුණත්වයෙන් යුතුව පිවිසීම පිළිබඳව උසස් පෙළ සිසුන්ට ප්‍රායෝගික අත් දැකීම් ලබාදීම ලෙස එම වැඩසටහන නම්කර තිබේ.
ඒ අනුව රත්නපුර හෝටල් පාසල සහ තාක්‍ෂණ විද්‍යාලය නැරඹීමේ අවස්ථාව නාරද මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමිවිය.
එහිදි ඔවුන් වැඩ ලෝකයේ රැකියා බහුල ක්‍ෂේත්‍ර පිළිබඳ දැනුමක් ලැබීය. මෙම ක්‍ෂේත්‍ර වලින් පුහුණුව ලැබීමෙන් ජාතික වෘත්තිය පුහුණු ඩිප්ලෝමා සහ උපාධි හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවන බව ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මෙම ආයතන වලින් දැනුමක් ලැබිණි.
කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ටී.ඩී. නිහාල් යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීනියන් වන ගීති මුනිදාස, දිපිකා වීරකොන් සහ නිපුණතා සංවර්ධන නිලධාරී තුෂාර චූලසිංහ යන මහත්ම මහත්මීන් වැඩසටහන සංවිධානය කළහ.



