උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීහු රැකියා ඉල්ලති


(පාලිත ආරියවංශ)
 
ඌව පළාතේ උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීහු පිරිසක්  අද(19) බදුල්ල ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයට ඇතුල්වී  විරෝධතාවයක නිරතවෙමින් සිටිති.
 
ඌව පළාත් සභාව මගින් ඉංග්‍රීසි ගුරුපත්වීම් ලබාදීමේදි  තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් රැකියා ලබාදෙන ලෙසට බල කරමින් ඔවුහු විරෝධයේ යෙදී සිටිති.
 
ආණ්ඩුකාර කාර්යාලයට  පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.