උප්පැන්න


(ආරියරත්න  රණබාහු)

උප්පැන්න සහතික නොමැති  ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක   කෙරේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රිජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන  ක්‍රියාත්මක කරන බව රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන ළමුන් විශාල පිරිසක් දිවයින පුරා සිටින බවට.  ලැබී ඇති වාර්තා මත මෙම පියවර ගත් බව පැවසේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  සේවයේ නිරත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා මෙම මාසය තුළ අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

මෙම ඔක්තෝබර් මාසය පුරා නොමිලේ මෙම උප්පැන්න සහතික ලබා දෙන  බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.