උපදෙස් නොතකා චෙල්වනායගම් ගුණ සමරයි


(අමදෝරු අමරජිව)

ඉංගෙයි තමිල්අරසුකච්චි පක්ෂයේ නිර්මාතෘ හා එහි හිටපු නායක දිවංගත එස්.ජේ.වි. චෙල්වනායගම් මහතාගේ 44 ගුණානුස්මරණ වෙනුවෙන් අද (26)  ත්‍රිකුණාමලය තිරුඥාන සම්බන්ධන් වීදියේ චෙල්වනාගයම් පිළිරුවට මල්දම් පලදවා සිහිකිරිමේ උත්සවය පොලිසියේ උපදෙස් නොතකා සිදු කිරීමට  රැස්ව සිටි පිරිස් කටයුතු කළහ

කොවිඩ් 19 වසංගතයත් සමග රාජ්‍ය හා පෞද්ගලික උත්සව රජය සති දෙකකට  නවතා දමා තිබියදි දෙමළ සන්ධාන ක්‍රියාකාරකයින් විසින් මෙම සැමරුම් උත්සවය පැවැත්විමට සුදානම්විම නිසා පොලිසිය එම ස්ථානයට පැමිණ එය නවතා දැමිමට කටයුතු කිරිම මෙයට හේතුවි තිබුණි.

සැමරුම් උත්සවය නොපවත්වන ලෙසට පොලිසිය පැහැදිලි කරද්දිත් චෙල්වනායගම් පිළිරුව පිටුපසින් ඉනිමගක් රැගෙන පැමිණි දෙමළ සන්ධාන ක්‍රියාකාරිකයන් පොලිසිය එය නතර කරන ලෙස පවසද්දිත් බාධා කිරිම මධ්‍යයේ ඉනිමග දිගේ පිළිරුව අසලට ගිය ත්‍රිකුණාමල නගර සභාවේ හිටපු සභාපති හා වත්මන් නගර සභාවේ මන්ත්‍රී කේ.සෙල්වරාජා මහතා පිළිරුවට මල් දමක් පැලදවිය.

අනතුරුව නගර සභාවේ උප සභාපති කේ.කුලරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.තුරෙයිරත්නසිංහම් ,නගර සභා  මන්ත්‍රි ශ්‍රි ස්කන්දරාජා යන මහත්වරු පිළිරුවට පහලින් මල් තැබිමද සිදුවිය.

එම අවස්ථාව වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින් දෙපළට රථවාහනඅංශයේ එක් පොලිස් සැරයන්වරයෙක් මෙම සිහිකිරිම වාර්තා කළහොත් තමන්ට රාජකාරිමය වශයෙන් ගැටලු ඇතිවන බව  පවසා එයට බාධා කිරිමද විශේෂ සිදුවිමක් විය.