උතුරේ පාසල් වසයි


රොමේෂ් මධුෂංඛ
 
ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද (16) දිනයේ දී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිවේදනය කර ඇත. 


මේ අතර ගජ සුළි කුණාටුව යාපනය දිස්ත්‍රීක්කය හරහා ගමන් කරමින් ඊයේ (15) රාත්‍රිය පුරා දැඩි සුළඟක් සමගින් අද උදෑසන වන තුරු වර්ෂාව ඇදහැලුණු බවටත් ඇතැම් තාවකාලික ඉදිකිරීම් වලට සුළඟින් හානි සිදුව ඇති බව  යාපනයේ වැසියෝ පවසති.


සුළං තත්වය හේතුවෙන් යාපනයේ වැසියන් ද ඊයේ සවස 6 වන විටත් මාර්ගවල ගමනාගමනයෙන් වැළකී ආරක්ෂිත ස්ථාන වෙතට ගොස් තිබූ අතර මේ වන තුරු සුළං හෝ වර්ෂාවෙන් සැළකිය යුතු හානියක් හෝ ආපදාවක් වාර්තා වී නොමැති බවට යාපනය ආපදා කළමනාකරණ කාර්යාල නිලධාරීන් කියා සිටියි.