උතුරු කොරියාවෙන් සුනාමි අවියක්


විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා තිබේ.මෙම ඩ්‍රෝන යානාවට දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද තිබේ.

පසුගිය 21 සිට 23 දක්වා පැවති අවි අත්හදා බැලීම් මාලාවක් අතරතුර දී මෙම දියයට ඩ්‍රෝන යනවා උතුරු කොරියාව අත්හදා බලා ඇත.මෙම ඩ්‍රෝන යානාව පැය 60 ක පමණ කාලයක් දිය යට අත්හදා බැලීමෙන් අනතුරුව නැගෙනහිර වෙරළේදී පුපුරුවා හැර තිබේ.

මෙම උපාය මාර්ගික ඩ්‍රෝන අවිය නිපදවීමේ අරමුණ වන්නේ සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

034