උණුසුම් කාලගුණය ගැන අවධානයෙන් ඉන්න


(යොහාන් භාසුර)

මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.