උකුවෙල ප්‍රා .ස අයවැය සම්මතයි


(මහේෂ් කිර්තිරත්න)

ජාතික ජන බලවේගයට බලය හිමි උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2026 අය වැය ලේඛනය සර්ව ජන බලයේ සහ සමගි ජන බල වේගයේ මන්ත්‍රිවරුන්  දෙදෙනෙකුගේ  සහයෙන් අද(05) සභා සම්මත විය.

උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති (ජා.ජ.බ) නිමල් කරුණාතිලක මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අය වැය ලේඛනයට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 12ක් ලැබුණි.

අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ සර්ව ජන බලයේ මන්ත්‍රිවරයා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයා ඇතුලු ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් විසිනි.

අය වැයට විපක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 06 දෙනා ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනා සහ ජන අරගල සන්ධානයේ මන්ත්‍රිවරයා ද විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.