(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කල් ඉකුත් වූ වෙළද බලපත්‍ර යලි යාවත්කාලීන කිරීම ප්‍රමාද වී ඇතැයි පවසා ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස ඊෂි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගම ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනී ගුණතිලක මහත්මිය පැවසුවාය.
ඉකුත් දින හැටක කාලය තුළ සිදුවීම් පහළොවක් පමණ වාර්තා වි ඇති බවත් ඉන් ආසන්නම සිදුවීම ඉකුත් (19) දා හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම නිවසින් රුපියල් 36,000 මුදලක් වංචා කර ඇති බවත් ලේකම්තුමිය වැඩිදුරටත් පැවසුවාය.
හෝමාගම ප්‍රාදේශීය සඳහා බල ප්‍රදේශය තුළ වෙළඳ බලපත්‍ර ලබාගත් බදු ගෙවන්නන් 5000 පමණ ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට අදාල කිසිදු ගෙවීමක් අන්තර්ජාලය හරහා හෝ බැංකු මගින් අයකර ගැනීම් සිදු නොවන අතර ඒ සියලු ගෙවීම් කාර්යාලයට පැමිණ සිදු කිරීමට උපදෙස් දී ඇති පසුබිමක මෙසේ මුදල් අය කිරීම කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව ප්‍රධාන ආදායම් පාලක සුජීව පතිරණ මහතා පැවසීය.

