
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ අරමුණින් එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ක්‍රියාකොට ඇති බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
එජාප සභාපතිවරයා මේ බව කීවේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙන බව කී අබේවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2022 ,2023, 2024 වසර වලදීත් ඒ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බව සඳහන් කළේය.
"එමෙන්ම විනාශ වන මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කර දීමේ අරමුණින් අප මූල්‍ය ආධාර ද සිදුකර තිබෙනවා.
බටහිර ලෝකයද එසේ කටයුතු කරනු ඇතැයි අප සිතනවා.එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය රාජ්‍යයන් දෙකක් ලෙස පිළිගත යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම සිටියා" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා මෙහිදී කීය.

