
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාවට නැංවීමත් සමග, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් 7 දෙනකු මේ වනිවට නිදහස ලබා ඇත.
තවත් ප්‍රාණඇපකරුවන් 13 දෙනකු හමාස් ග්‍රහණයේ සිටින අතර, අද දිනයේ ඔවුන් සියලු දෙනා ද නිදහස් කිරීමට නියමිත බව පැවැසෙයි. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු සටන් විරාමය සහ සාම සැලැස්ම යටතේය.
ප්‍රාණඇපකරුවන් මුදා හැරීම සිදුවන්නේ රතු කුරුස සංවිධානයේ ද මැදිහත් වීමෙනි. මුලින්ම නිදහස් කළ ප්‍රාණඇපකරුවන් 7 දෙනා රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාවට බාර දීම කඩිනමින් සිදුවිය.

