(රන්ජන් කස්තුරි)
ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් අද ( 14) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත් කළ තමන්ගේ මුදල් ලබාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහාය නොදී කර අරිමින් සිටින බවට චෝදනා කරමින් ඔවුහු එම විරෝධතාවයේ නිරත වූහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වූ හෙයින් තමන් විශ්වාසයෙන් එම ආයතනයේ මුදල් තැන්පත් කළ බවද උද්ඝෝෂකයෝ එහිදී ප්‍රකාශ කළහ.
උද්ඝෝෂණය අතරතුරදී පුද්ගලයන් 5 දෙනකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී එම නිලධාරීන් ඔවුන්ගේ ලිඛිත ඉල්ලීම් බාරගෙන තිබිණ.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට මේ මස 23 දින පස්වරු 2.00 ට මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට ද එහිදී මහ බැංකු නිලධාරීන් පොරොන්දු වී ඇත.

