ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසකට කොරෝනා


(යොහාන් භාසුර)

කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පිහිටි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා එම මධ්‍යස්ථානය වසා දැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එහි ප‍්‍රධාන පුහුණු උපදේශකයකු වන ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නකු පළමුවෙන්ම කොවිඞ් 19 ආසාදිතයකු ලෙස හදුනාගත් බවත් ඉන් පසුව එහි සේවය කරන විදේශ ජාතික අභ්‍යාසකවරයකු ආසාදිතයකු බවට පත්වූ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් කීපදෙනකුම සොයාගත් බවත් එම සියලූම ආසාදිතයන් මේ වන විට ප‍්‍රතිකාර මධ්‍යස්ථාවලට යොමු කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.

ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ සෙසු සේවයන්ට අදාල ප‍්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන වසා දමා ඇති බවත් ඉදිරි දින කීපයේදී එය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.