(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක්ද කොවිඩ් රෝගයෙන් අද (16) මිය ගියේය.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 5 ප්‍රදේශයේ පදිංචිව සිටි සස්මිත නමැති සිසුවෙකි.
මේ සිසුවාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇත්තේ පසුගියදා 10 වැනිදාය.
එදින සිට නිවෙසේ නිරෝධායනයවෙමින් සිටි සිසුවා කොළඹ දකුණ ශික්ෂණ රෝහලට (කලුබෝවිල ) පසුගියදා 14 වැනිදා ඇතුළත් කරනු ලැබුවේය.
එහිදී සිසුවා අසාධ්‍ය තත්වයට පත්වීම නිසා ඔහුට ඔක්සිජන් පවා ලබාදී තිබිණැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
විදුහලේ දීප්තිමත් සිසුවකුවූ සස්මිත පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක්ද සිටිති.

