
(රොමේෂ් මධුෂංක)
ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිවේදනය කොට සිටි.
ඒ අද මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවය .
මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ උතුරු පළාත් හිටපු අමාත්‍යවරයෙකු වූ පී ඒ සත්‍යය ලිංගම් මහතාය.
ඔහු මේ වන විට අසනීප තත්ත්වයේ පසුවන බැවින් ධ්‍යම කාරක සභාව විසින් අද දිනයේදී එම්. ඒ සුමන්දිරන් මහතා වැඩ බලන නව මහ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබීය

