(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.
දින දෙකක් පෙට්‍රල් නොමැතිව පෝලිමේ සිටි පිරිසට අමතරව පිරවුම්හලට පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් ආරම්භ කොට පෙට්‍රල් ලබාගැනීමට යාමේදී පරණ පෝලිම අලුත් පෝළිමට විරෝධතාවේ දැක්වීමේ දී මෙලෙස දෙපිරිස අතර ආරවුලක් ඇති විය.
මෙම ආරවුල නිසා ඉන්ධන නිකුත් කිරීම පැයක පමණ කාලයක් තාවකාලිකව අත්හිටුවීමට එම ස්ථානයේ සේවයේ යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිසියේ නිලධාරීන්ට සිදුවිය.
පසුව දෙපිරිසගේ එකඟතාව මත නැවත ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වූ අතර ඉන්ධන ලබාගෙන බහින්බස් වූ පිරිස පිටව යෑමේ දී පිරවුම්හල ආසන්නයේ පිහිටි ඊට අදාළ එක් පුද්ගලයකුගේ ගේ නිවසක් ඉදිරිපිට දී එම පිරිස නතර කොට පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ එම පිරිස නැවත තියුණු ආයුධ රැගෙන පැමිණ පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.