ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පොලීසියේ 6ක් රෝහලේ


( බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල  ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයා නව දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන නිම වීමත් සමඟම  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාමෙන් අනතුරුව තත්ත්වය පාලනයට පැමිණි පොලිස් නිලධාරීන්ට  පිරිසක් පහර දීමත් සමඟම මෙම ගැටුම හටගෙන ඇත.

තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.තුවාල ලද පොලිස් නිලධාරීන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.