ඉන්ධන නැව් හතරක් ඉදිරි දෙසතියේ මෙරටට


(යොහාන් භාසුර)

ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඩීසල් රැගත් නෞකා දෙකක් අනිද්දා (19) සහ ජූනි මස 1 වැනිදා ද, පෙට්‍රල් නෞකා දෙකක් හෙට (18) සහ මේ මස 29 වැනිදා ද, ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නෞකා 5 ක් ඩොලර්වලින් ගෙවීම් කළ නොහැකිව මේ වන විට නැංගුරම්ලා තිබෙන බවත් ඉන් බොරතෙල් නෞකාවක් දින 8 ක සිට මුදල් ගෙවීමට නොහැකිව තිබෙන බවත් වාර්තා වේ.