(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තුව මේ සතියේ දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) පමණක් රැස්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) දහවල් පැවැත්විණ.
ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තුවේ වාහන ධාවනයටද දැඩි බාධා මතුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

