(යොහාන් භාසුර)
දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත් තොග අසීමිතව තිබුණ ද සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියයි.