ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ "වන්දනම්" ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධනයේ දූත පිරිසක් දින 10 ක සංචාරයක් සදහා මෙරටට  පැමිණියහ .

ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සමග එරට ථේරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනකු ද මෙම පිරිසට අයත් වූහ .

ඔවුන් මේ වෙසක් සමයේ කොළඹ , මහනුවර , අනුරාධපුර , සීගිරිය , හබරණ , දඹුල්ල සහ පින්නවල ප්‍රදේශ වල ඇති වෙසක් උත්සව වලට සහභාගී වී නැරඹීමට නියමිතය .