ඉන්දීය විදේශ ඇමැති හෙට ශ්‍රී ලංකාවට


( තිළිණි ද සිල්වා )

දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හෙට(05) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශිවික සබදතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක නිරතවේ.

මෙම සංචාරය තුළ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය නව වසර ආරම්භයත් සමග මෙරට පැමිණෙන ප්‍රථම ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරය මෙය වන අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සංචරණ සීමා යටතේ සිදු කෙරෙන බව විදේශ අමාත්‍යාංශය කීය.