
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා තෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (28) හමුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාව, ධීවර ගැටළු සහ ජාත්‍යන්තර සම්බන්ධීකරණය යන ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.
එහිදී ගාලු දිස්ත්‍රික්කයේ පාසල් 200 සඳහා නවීන පරිගණක විද්‍යාගාර පිහිටුවීමට,යාපනයේ දූපත් 3 ක් සඳහා දෙමුහුන් විදුලි බල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට,ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට,දෙරටේ විදේශ සේවා නිලධාරීන් පුහුණු කරන ආයතන අතර,ශ්‍රී ලංකාවට සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් සැපයීමට සහ ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීමේ සහයෝගීතාවයක් ඇති කර ගැනීමට අවබෝධතා ගිවිසුම් 6 ක් විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් භග්ලෙ මහත්වරු විසින් අත්සන් තැබූහ.
අත්සන් තැබීම ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉදිරිපිට සිදු වූහ.

